අක්කර 20000ක් සිංගප්පූරුවට - ආසියාවේ විශාලතම මත්පැන් නිෂ්පාදනාගාරයත් ලංකාවට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

අක්කර 20000ක් සිංගප්පූරුවට - ආසියාවේ විශාලතම මත්පැන් නිෂ්පාදනාගාරයත් ලංකාවට

අක්කර 20000ක් සිංගප්පූරුවට - ආසියාවේ විශාලතම මත්පැන් නිෂ්පාදනාගාරයත් ලංකාවට

කන්තලේ සීනි සමාගමේ 85%ක කොටස් සිංගප්පූරු සමාගමකට ලබාදීමට මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

 

ගිවිසුමේ ආරම්භක දිනයේ සිට මෙහෙයුම් ආරම්භ කර දස වැනි සංවත්සරය තෙක් කාලය ආයෝජකයාට 85% සහ ශ්‍රී ලංකා රජයට 15%ක කොටස් හිමිකාරිත්වය ඇතැයි ගිවිසුමේ සඳහන්වෙයි.

 

එතැන් සිට 20වන සංවත්සරය දක්වා 75%ක් ආයෝජකයකයාට 25%ක් ශ්‍රී ලංකා රජයටත් ලැබෙන බවත් ගිවිසුමේ සඳහන්ය.

 

20වෙනි සංවත්සර දින සිට ගිවිසුම අවසන් වන කාල පරිච්ඡේදය තෙක් අදාළ පාර්ශවයන් කොටස් හිමිකරගන්නා ප්‍රතිශතය ප්‍රමාණය මත හිමිකම තීරණය කරන බවද එහි දැක්වේ.

 

මෙම කැබිනට් පත්‍රිකාව සඳහා නීතිපතිවරයාගේ අනුමැතියද ලබා දී තිබේ.

views

670 Views

Comments

arrow-up