පහේ ශිෂ්‍යත්වය සමතුන්ගේ ශිෂ්‍යාධාර මුදල 50%කින් වැඩි කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
03

පහේ ශිෂ්‍යත්වය සමතුන්ගේ ශිෂ්‍යාධාර මුදල 50%කින් වැඩි කෙරේ

පහේ ශිෂ්‍යත්වය සමතුන්ගේ ශිෂ්‍යාධාර මුදල 50%කින් වැඩි කෙරේ

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසු දරුවන්ට රජයෙන් ලබාදෙන මාසික ශිෂ්‍යාධාර මුදල රුපියල් 750 දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

 

ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල ශිෂ්‍යත්ව සමතුන්ට 6 වැනි ශ්‍රේණියේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දක්වා මාසිකව එම ශිෂ්‍යාධාරය හිමි වනවා.

 

මෙතෙක් එම ශිෂ්‍යාධාරය රුපියල් 500ක් වූ අතර රුපියල් 750 දක්වා එය වැඩිකිරීමත් සමග රජයට වසරකට රුපියල් මිලියන 975ක් ඒ සඳහා වැය වෙනවා.

views

704 Views

Comments

arrow-up