මළගෙදර කාඩ් සෙල්ලම තවත් මරණයකට වල කපයි

බංගදෙණිය කුමාරකට්ටුව ප්‍රදේශයේ වතු යායක මරණ ගෙදරක දදෙනකු අතර ඇතිවු ආරාවුලකදී ගල් පහර කා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු අද(01) අළුයම ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි හලාවත පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කුමාරකට්ටුව පළුගස්වැව වතුයායේ ලයින් තුනේ පදිංචිව සිටි අජිත් කුමාර නමැති 36 හැවිරිදි පුද්ගලයෙකි.
මල ගෙදර පාළු මැකිමට පැමිණ සිටියදි පිරිසක් කාඩ් ක්‍රිඩාවේ යෙදි සිට ඇති අතර එම ක්‍රිඩාවේ යෙදි සිටි දෙදෙනකු අතර අරාවුලක් හටගෙන එය දුරදිග යාමෙන් මෙම ගැටුම සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
පොලිසිය විසින් ඝාතනයට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
1310 Views
Comments