නිවසට පැමිණ කඩුවකින් කොටා එක්දරු පියා ඝාතනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

නිවසට පැමිණ කඩුවකින් කොටා එක්දරු පියා ඝාතනය කරයි

නිවසට පැමිණ කඩුවකින් කොටා එක්දරු පියා ඝාතනය කරයි

යම් පිරිසක් නිවසට පැමිණ කඩුවකින් පහරදීමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී 23 හැවිරිදි පුද්ගලයෙක් අද අලු‍යම මියගිය බව වඳුරඹ පොලීසිය සඳහන් කරයි.

 

මෙසේ මියගොස් තිබෙන්නේ වඳුරඹ ඉහළ කීඹිය, විවරුගොඩ පදිංචිව සිටි ගම ආරච්චිගේ සසී මධුශංක නැමැති එක්දරු පියෙකි.

 

මෙම ඝාතනය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම සිව්දෙනෙක් සැකකරනු ලබන අතර ඔවුන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ ආරම්භ කර තිබේ. 

 

කාලයක් තිස්සේ පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතුවී තිබෙන බවට පොලීසිය සැකකරයි.

 

මෙම ඝාතනයට සම්බන්ධ මහෙස්ත්‍රාත් පරික්ෂණය අද(25) සිදුකිරීමට නියමිතව තිබිණි.

 

මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තබා තිබේ.

 

වඳුරඹ පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

views

7099 Views

Comments

arrow-up