ව්‍යායාම කරන්න ගිය රුසියන් කතට අතවර කළ අයෙක් මාට්ටු

රුසියානු කතකට ලිංගික අතවර කළ පුද්ගලයෙකු පෙරේදා(11) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය කියයි.
ගැලීනා කැස්නෙල්සන් නමැති 36 හැවිරිදි කාන්තාවක කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකාරිය මුහුදු වෙරළ ආසන්නයේ ව්‍යායාම කිරීමට යමින් සිටියදී සැකකරු ලිංගික අතවර කර ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය පවසයි.
මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වස්කඩුව, පනාපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
620 Views
Comments