තමිල්නාඩුවේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් තවත් නෞකාවක් ලංකාවට

ශ්‍රී ලංකාවට තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ නැවක් ලබාදෙන බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාලින් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ හමුවේ පවසා ඇත.
එක් අත්‍යවශ්‍ය භාණ්ඩ නෞකාවක් මේවන විටත් ලංකාවට එවා ඇති බව එහිදී සඳහන් කළ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා තවත් නැව්ගත කිරීම් කිහිපයක් කිරීමට අපේක්ෂා කරන බවද පවසා ඇත.
ඉන්දියාවෙි ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් අතර හමුවක් චෙන්නායි හි මහ ඇමති කාර්යාලයේ දී සිදු වූ අතර එහිදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙ.
640 Views
Comments