තෙවන පාසල් වාරය ආරම්භය ගැන තීරණය මේ සතියේ

තෙවන වාරය සදහා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙම සති අන්තයේදී ගැනීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්යය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කලා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ ඒ පිලිබද මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බවයි.
එහිදී දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තීරණාත්මක සාධකය වන බවද ජී එල් පීරිස් මහතා අවධාරණය කළා. දැනට සැලසුම් කර ඇති පරිදි තෙවන වාරය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ එළඹෙන සදුදායි.
802 Views
Comments