OCT
26
තවත් ආසාදිතයින් 261ක් : අද දිනයේ සමස්ත සංඛ්‍යාව 541ක්

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 261ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් 27 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු 234 දෙනා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයෙන් වාර්තා වූ පළමු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වනවා. ඒ අනුව අද රාත්‍රී 10.15 වන විට මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 541ක් වනවා.
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8413ක් දක්වා ඉහළ ගොස් ඇත.
848 Views
Comments