කේරළ ගංජා සමග දෙදෙනෙක් අත්අඩංගුවට

පුනෑව මාර්ග බාධකයේදී ඊයේ ( 11 ) කරන ලද සෝදිසියකදී බස් රථයක ගමන් කළ මගියකු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 4ක් සමඟ එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම, තවත් බස් රථ පරීක්ෂාවකදී කේරළ ගංජා කිලෝ 04ක් සමඟ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 හා 36 වයස්වල පසුවන විශ්වමඩු හා හිනිදුම ප්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකරුවන් ඊයේ (11) මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
232 Views
Comments