හදාවඩා ගැනීමට අපහසු දරුවන් භාරදීම සඳහා රජයෙන් විශේෂ වැඩසටහනක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

හදාවඩා ගැනීමට අපහසු දරුවන් භාරදීම සඳහා රජයෙන් විශේෂ වැඩසටහනක්

 හදාවඩා ගැනීමට අපහසු දරුවන් භාරදීම සඳහා රජයෙන් විශේෂ වැඩසටහනක්

දෙමාපියන්ට හදා වඩාගැනීමට අපහසු වයස මාස 3 ට අඩු දරුවන් භාරදීම සඳහා පළාත් මට්ටමින් "කවුළු" පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

 

 

ඒ දරුවන් මහමග දමා යාම, ඝාතනය කිරීම, හිරිහැරයට ලක්වීම ආදී සිදුවීම් නිරන්තරයෙන් වාර්තා වීම නිසාය.

 

 

ඊට අදාල නීති කඩිනමින් සම්පාදනය කරන බව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පවසා ඇත.

 

 

එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති පරිදි 2017 වසරේ සිට මේ වනවිට ළමුන් 80 ක් ඝාතනයට ලක්ව ඇති අතර තවත් ළමුන් 60 ක් මහමග අතහැර දමා ගොස් ඇත.

 

 

දැනට ක්‍රියාත්මක නීතියට අනුව දරුවන් අතහැර දමා පලා යන දෙමව්පියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයන් ගත හැකි බවත් හඳුන්වා දෙන නව සංශෝධනයන් යටතේ දරුවන් භාර ගන්නා කවුළු වෙත සිය දරුවන් භාරදෙන දෙමව්පියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බවත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පවසා තිබේ.

views

215 Views

Comments

arrow-up