කෑගල්ලේදී පුද්ගලික හා ලංගම බස් රියදුරන් අතර ගැටුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

කෑගල්ලේදී පුද්ගලික හා ලංගම බස් රියදුරන් අතර ගැටුමක්

කෑගල්ලේදී පුද්ගලික හා ලංගම බස් රියදුරන් අතර ගැටුමක්

පුද්ගලික බස් රථයක රියැදුරකු විසින් යකඩ මුගුරකින් ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරෙකුට පහරදීමට උත්සාහ කිරීමේ සිද්ධියක් කෑගල්ල නගරයේදී අද වාර්තා විය.

 

මෙම බස් රථ දෙක රඹුක්කන හා කෑගල්ල අතර ධාවනය වන බස් රථ දෙකකි.

 

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථය විසින් පෞද්ගලික බස් රථය ඉස්සර කළ යෑම හේතුවෙන් උරණ වූ පුද්ගලික බස් රථ රියැදුරු බස් රථ දෙක කෑගල්ල නගරයේ නැවැත්වූ පසු මෙලෙස යකඩ මුගුරක් රැගෙනවිත් ලංගම බස් රථයේ රියදුරුට පහර දීමට උත්සාහ කර ඇත.

 

පහරදීමට උත්සාහ කළ පුද්ගලික බස් රථයේ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

 

 

 

 

 

 

 

 

 

source: adaderana

views

756 Views

Comments

arrow-up