මාළු ව්‍යාපාරිකයාගේ ලක්ෂ 05ක මුදල් තිබූ පසුම්බියට විද්ද කතුන් දෙදෙනා මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
09

මාළු ව්‍යාපාරිකයාගේ ලක්ෂ 05ක මුදල් තිබූ පසුම්බියට විද්ද කතුන් දෙදෙනා මාට්ටු

මාළු ව්‍යාපාරිකයාගේ ලක්ෂ 05ක මුදල් තිබූ පසුම්බියට විද්ද කතුන් දෙදෙනා මාට්ටු

ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බසයක ගමන් ගත් මාළු ව්‍යාපාරිකයෙකු සතුව තිබූ රුපියල් ලක්ෂ 05ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය කියයි.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33, 18 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙකි.

 

මොවුන් බස් රථයේ ව්‍යාපාරිකයා ගමන්ගත් ආසනයට ආසන්න අසුනක ගමන් ගත් දෙදෙනෙකු බවත් පොලීසිය පවසයි.

 

ව්‍යාපාරිකයා බස් රථයෙන් ගමන් කරමින් සිටියදී කුරුණෑගලදී තමා ගේ මුදල් කිසිවෙකු විසින් සොරාගෙන ඇති බවට දැනගෙන කුරුණෑගල පොලීසියට කළ පැමිණිල්ලට මත විමර්ශන ආරම්භ කර තිබේ.

 

පොලිසිය පැමිණ සැකපිට කාන්තාවන් දෙදෙනා පරීක්ෂා කිරීමේදී ඔවුන් සතුව තිබී මෙම මුදල් සොයාගෙන ඇත.

views

234 Views

Comments

arrow-up