SEP
02
බැසිල්ට රට යන්න අවසර දෙයි

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය ජූලි මස 15 වැනිදා නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
ඒ, වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමකට අදාළ මෝසමක් කැඳවූ අවස්ථාවේදීයි.
කෙසේ නමුත් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට විදෙස්ගතවීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබාදුන්නා.
209 Views
Comments