දුම්රිය ගාස්තුවත් ඉහල දමන ලෙස ඉල්ලීම්

දුම්රිය ගාස්තු වැඩි කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉල්ලීමක් කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුව අඛණ්ඩව පාඩු ලබන ආයතනයක් බවට පත්වීම සඳහා ගාස්තු ඉහළ නොදැමීමද හේතුවක් වී ඇතැයිද පාඩු ලබන ආයතනයක් ලෙස විවේචනයටද ලක්වන්නේ යැයිද දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇතැයි එම නිලධාරියා කීවේය.
බස් ගාස්තු ඉහළ යාම හේතුවෙන් ජනතාව දුම්රියට යොමුවීම ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ගාස්තුද බස් ගාස්තුවට සමාන කරන ලෙස ඉල්ලා ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
628 Views
Comments