අනාගතයේ කිසිදාක ලේ ගංඟා, මරණ බිය ඇතිවන සිදුවීම් අපේ රට තුළ සිදු නොවේවා! - අගමැති

ලේ ගංඟා නතර කරලා, මරණ බිය තුරන් කරලා, අපේ රට අභයභූමියක් කළ රණවිරුවන් වෙනුවෙන් මේ සඳහිරු සෑය හදලා ප්‍රාර්ථනා කරන්නේ අනාගතයේ කිසිදාක එවැනි සිදුවීම් සිදු නොවේවා! යන්න බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
අනුරාධපුරයේ ඉදිකළ සඳහිරු සෑය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයට එක්වෙමින්අ ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(18) පස්වරුවේ මේ ප්‍රාර්ථනාව සිදුකර ඇත.
අපේ රටේ නිදහස වෙනුවෙන් කැප වූ රණවිරුවන්ගේ ආරක්ෂාවත්, ජීවිත පරිත්‍යාගයෙන් රණවිරුවන් අපට උරුම කළ නිදහසත් රැක ගැනීම, අපේ නායකයොත් අනාගතේ පහළ වෙන නායකයොත් භාර ගන්න ඕනෑ යැයි ද අග්‍රාමාත්‍යතුමා මෙහි දී අවධාරණය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
788 Views
Comments