ප්‍රභූ ආරක්ෂක රිය නැවැත්වීමට අණකරද්දී ලොරියට යටවුණ මුන්දල ට්‍රැෆික් ඕ.අයි.සී අවසන් ගමන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

ප්‍රභූ ආරක්ෂක රිය නැවැත්වීමට අණකරද්දී ලොරියට යටවුණ මුන්දල ට්‍රැෆික් ඕ.අයි.සී අවසන් ගමන් යයි

ප්‍රභූ ආරක්ෂක රිය නැවැත්වීමට අණකරද්දී ලොරියට යටවුණ මුන්දල ට්‍රැෆික් ඕ.අයි.සී අවසන් ගමන් යයි

රිය අනතුරකින් බරපතළ තුවාල ලබා හලාවත රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි මුන්දලම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා පසුගිය 03වනදා මියගොස් තිබේ.

 

මෙලෙස මරණයට පත්ව තිබෙන්නේ පල්ලම ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු පියෙකු වු උප පොලිස් පරික්ෂක ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. රංබංඩා මහතායි. 

 

රථවාහන ස්ථානාධිපතිවරයා පසුගිය 01 වන දින සවස පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ රාජකාරියේදී සිටියදී ප්‍රභු ආරක්ෂක පහන් දල්වා ගෙන අධික වේගයෙන් පුත්තලම සිට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් නැවත්වීමට මාර්ගය හරහා මාරු වෙමින් සිටියදී හලාවත දෙසින් ධාවනය වෙමින් තිබූ ලොරියක ගැටීමෙන් අනතුරුව නැවතීමට උත්සාහ කළ මෝටර් රථයේ ගැටී බරපතළ තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබුණි.

 

අනතුරින් සිරුර අභ්‍යන්තරයේ රුධිර වහනය වීම නිසා ඔහුව වෙනත් රෝහලකට පවා මාරු කර යැවීමට නොහැකිව තිබූ තත්වයක හලාවත මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සිව්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම නිලධාරියාගේ ජීවිත බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත විය. 

 

රංබංඩා මහතා වසර 32 කට ආසන්න කාලයක් දිවයිනේ ප්‍රදේශ ගණනාවක පොලිස් ස්ථානවල රාජකාරි කර ඇති අතර ඔහු ආණමඩුව, පල්ලම හා පුත්තලම කොට්ඨාස රථවාහන අංශයේද සේවයේ නියුතුව සිට ඇත. 


අවසන් කටයුතු පල්ලම පහලයාය පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතය.

views

30577 Views

Comments

arrow-up