හැටන් බස් රථ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්‍ෂයට - 30කට තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
21

හැටන් බස් රථ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්‍ෂයට - 30කට තුවාල

හැටන් බස් රථ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්‍ෂයට - 30කට තුවාල

හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ අද(21) පෙරවරුවේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් සිදුවූ අනතුරෙන් තිදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

 

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙම අනතුරට ලක්ව තිබේ.

 

එම බස්ය හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇත.

 

සිද්ධිය සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 35 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇත.

 

අනතුරින් තුවාල ලැබූ 30 දෙනෙකු පමණ පිරිසක් හැටන් මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ කිහිපදෙනකු මහනුවර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.

views

280 Views

Comments

arrow-up