ට්‍රැක්ටරයකට යටවී අඹේවෙල ගොවිපොළේ වැඩ පරීක්ෂකවරයෙක් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
15

ට්‍රැක්ටරයකට යටවී අඹේවෙල ගොවිපොළේ වැඩ පරීක්ෂකවරයෙක් ජීවිතක්‍ෂයට

ට්‍රැක්ටරයකට යටවී අඹේවෙල ගොවිපොළේ වැඩ පරීක්ෂකවරයෙක් ජීවිතක්‍ෂයට

අඹේවෙල සත්ත්ව ගොවිපොළේ සතුන්ට ආහාර බෙදා හරිමින් තිබූ ට්‍රැක්ටර් රථයකට යටවී එහි ගොවිපොළ වැඩ පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

 

ඊයේ(14) දහවල් කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

 

අනතුරින් මියගොස් ඇත්තේ සිරිසමන්ගම අඹේවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි ගොවිපොළේ වැඩ පරීක්ෂකවරයෙකි.

 

මෘත ශරීරය නුවරඑළිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ට්‍රැක්ටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් පට්ටිපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

views

141 Views

Comments

arrow-up