මීගොඩ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
15

මීගොඩ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට

මීගොඩ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට

මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

ඊයේ  (14) රාත්‍රීයේදී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලස වෙඩිතබා ඝාතනය කර ඇත.

 

එලෙස මියගොස් ඇත්තේ, 32 හැවිරිදි එක් දරු පියෙකි.

 

මරණකරුගේ සහෝදරයාගේ නිවසේ සිට මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ තම නිවස වෙත යමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇත. 

 

නාඳුනන පුද්ගලයෙක් මෝටර් රථය නවතා ඇති අතර තවත් පුද්ගලයෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

 

වෙඩි වැදීමෙන් පසු බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හෝමගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

 

එම වෙඩිතැබීම සිදුවන විට වයස අවුරුදු එකහමාරක් වු මරණකුරුගේ දියණිය සහ බිරිඳ මෝටර් රථයේ සිට ඇත.

 

මිය ගිය පුද්ගලයා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සමෘද්ධි ප්‍රදාන කාර්යාලයේ, කාර්යාල සහායක නිලධාරීයෙකු ලෙස සේවය කර තිබේ.

views

135 Views

Comments

arrow-up