සතිකට ඩෙංගු රෝගීන් 1500ක්

සතියකට වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1500 දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එහි අධ්‍යක්ෂ, වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තාවන බවයි.
මහනුවර, ගාල්ල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින් සැලකියයුතු රෝගීන් ප්‍රමාණයක් වාර්තාවන බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.
මේ දිනවල ඩෙංගු, කොරෝනා හා ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තව පවතින බැවින් රෝග ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් ලබාගන්නැයි සුදත් සමරවීර මහතා ජනතාවට දැනුම් දෙයි.
196 Views
Comments