ස්කොට් තරුණියට උදව් කරන්න නිදහස් පක්ෂය ඉදිරිපත්වෙයි - හිටපු ජනපති මෛත්‍රී පොටෝත් ගහලා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

ස්කොට් තරුණියට උදව් කරන්න නිදහස් පක්ෂය ඉදිරිපත්වෙයි - හිටපු ජනපති මෛත්‍රී පොටෝත් ගහලා

ස්කොට් තරුණියට උදව් කරන්න නිදහස් පක්ෂය ඉදිරිපත්වෙයි - හිටපු ජනපති මෛත්‍රී පොටෝත් ගහලා

පසුගියදා ඇරඹූණ රාජ්‍ය මර්දනය සමග ගාලුමුවදොර අරගලයට සහයෝගය දක්වමින් සිටි දේශීය හා විදේශීය අයට කරදර පැමිණි අතර ශ්‍රී ලංකාවට අපකීර්තිය ලබාදුන් බවට චෝදනා ලද ස්කොට් ජාතික කෙලී ෆ්‍රාසර් (Kayleigh Fraser) තරුණිය ලංකාවේ රැඳී සිටින්නේ වීසා නොමැතිව බවට දක්වමින් ඇය සතු MED/002918 අංක දරණවීසා බලපත්‍රය අවලංගු කිරීමට  ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.



මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය පුහුණුවක් සඳහා පැමිණි ඇයට නැවත සියරට බලා යාමට සිදුවන අතර ඇයට අසාධාරණයක් සිදුවූ නමුත් ඒ වෙනුවෙන් කතා කරන්නට කිසිවෙකු සිටියේ නැත.


මේ පිළිබඳව ඇයගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ හා තරුණ පෙරමුණ ඉදිරිපත් වී සිටී.



ඇය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් එමතරුණිය හා කාන්තා හා තරුණ සංවිධාන ප්‍රධානීන් අතර සිදුවිය.



එම අවස්ථාවේ සුදු තරුනිය සමග මෛත්‍රී ඡායාරූපයක්ද ලබාගත්තේය.



 පාර්ලිමේන්තුව තුලත් දේශපාලන හා සමාජ ව්‍යාපාර තුලත් ඇයගේ අයිතීන් වෙනුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු ජනපති පවසා ඇත.

views

260 Views

Comments

arrow-up