ශ්‍රීපාද අඩවියේ භාවනානුයෝගීව වැඩ සිටි කුඩාවේ පේමාලෝක හිමිපාණෝ අපවත් වෙති
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

ශ්‍රීපාද අඩවියේ භාවනානුයෝගීව වැඩ සිටි කුඩාවේ පේමාලෝක හිමිපාණෝ අපවත් වෙති

ශ්‍රීපාද අඩවියේ භාවනානුයෝගීව වැඩ සිටි කුඩාවේ පේමාලෝක හිමිපාණෝ අපවත් වෙති

පුරා වසර 35කට අධික කාලයක් සිරිපා වනයේ දුෂ්කර ඉසව්වල ගල්ලෙන්වල භාවනානුයෝගීව වැඩ සිටි කුඩාවේ පේමාලෝක හිමිපාණෝ පසුගිය 13 වනදා උදෑසන අපවත් වූහ.


ස්වකීය ජීවිතයේ බොහෝ කාලයක් විවිධ දුෂ්කරතා මත වගවලසුන් මැද මහ වනයෙහි බවුන්වඩමින් පරාර්ථ චර්යාවේ යෙදුණු උන්වහන්සේ අවුරුදු 35ක පමණ කාලයක සිට ශ්‍රීපාද අඩවිය ස්වකීය සොඳුරුගම ඇසුරෙහි වැඩ සිටියහ.

 

වාර අවාර භේදයකින් තොරව තෝරාගත් පුර පසළොස්වක පොහොය දිනවලදී පලාබද්දල විහාරයට වැඩම කරන උන්වහන්සේ ගෙන් අවබෝධාත්මක දහම් ඇසීමට කොළඹ තදාසන්න ප්‍රදේශවල සිට පවා සැදැහැවතුන් පැමිණෙන්නේ උන්වහන්සේ කෙරෙහි ඇති අපරිමිත ගෞරවය නිසාමය.

 

ගතවූ කාලය තුළ සමනළකන්ද රක්‍ෂිත ආශ්‍රිත ගුප්ත සංසිද්ධීන් මෙන්ම වෙනස්කම්, යටගියාව පිළිබඳව මනා අවබෝධයෙන් පේමාලෝක හිමියෝ කටයුතු කළහ. 

 

උන්වහන්සේ වනයේ සැරිසරද්දී සතා සීපාවාට පවා ආදරය කළ අතර මහා වනය මැද වැඩම කරද්දී උන්වහන්සේට සතා සීපාගෙන් කිසිදු හිරිහැරයක් සිදු නොවීය.

views

380 Views

Comments

arrow-up