නඩු භාණ්ඩ වාහනවල බැටරි ගලවා විකුණූ කොස්තාපල්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
12

නඩු භාණ්ඩ වාහනවල බැටරි ගලවා විකුණූ කොස්තාපල්

නඩු භාණ්ඩ වාහනවල බැටරි ගලවා විකුණූ කොස්තාපල්

නඩු භාණ්ඩ ලෙස අධිකරණය භාරයට ගත් ත්‍රීරෝද රථයක සහ ලොරි රථයක බැටරි 2ක් සොරකම් කර අලෙවි කළ පොලිස් කොස්තාපල්වරයෙකු කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

තවද එම බැටරි මිලදී ගත් පුද්ගලයන් දෙදෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

පෙරේදා (11) රාත්‍රියේ කල්පිටියේ දී සැකකටයුතු ලොරි රථයක් පරික්ෂා කිරීමේ දී මෙම බැටරි හමුවී ඇත.

 

එහිදී සිදුකළ වැඩිදුර විමර්ශන අනුව මේ පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

 

ලොරි රථයේ සිටි දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී තිබුණේ කල්පිටිය සංචාරක උසාවියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසින් රුපියල් 4,500ක මුදලකට එම බැටරි අලෙවි කර ඇති බවයි.

 

 

views

179 Views

Comments

arrow-up