අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

අද කාලගුණය

අද කාලගුණය

උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ත්‍රිකුණාමලය, මුලතිවු සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මි. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

 

සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත්, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

දිවයින  වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35)පමණවේ.   ත්‍රිකුණාමලයසිට කන්කසන්තුරය සහ මන්නාරම  හරහා හලාවත  දක්වා සහහම්බන්තොට  සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) පමණ වැඩිවිය හැක.

 

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම  හරහා හලාවත  දක්වාත් , හම්බන්තොට  සිට පොතුවිල්දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවිටින් විට රළු වේ. දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු විය හැක.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තදසුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

234 Views

Comments

arrow-up