පුංචි ඡන්දෙට අම්පාරෙන් කැකුළෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

පුංචි ඡන්දෙට අම්පාරෙන් කැකුළෙක්

පුංචි ඡන්දෙට අම්පාරෙන් කැකුළෙක්

පළාත් පාලන මැතිවරණයට අම්පාර දිස්ත්‍රික්කයෙන් හොඳ කැකුළෙක් (තරුණයෙක්) ඉදිරිපත් කිරීම සඳහා දැනටමත් කතා දමනවා යැයි දඹානේ ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ ඊයේ(5 දා) ප්‍රකාශ කළහ.

 

දඹාන ඇතුළු සෙසු පළාත්වල ආදිවාසි නායකයන් සමග ඊයේත් මෙම මැතිවරණයට ඉදිරිපත් කරන කැකුළා ගැන කතා දැමූ බවද වන්නිල ඇත්තෝ කීහ.

 

මෙම පළාත් පාලන මැතිවරණයට එක කැකුළකු ඉදිරිපත් කළොත් සෑහීමකට පත්වීමට හැකි යැයි ද අම්පාර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයක් ඊට සුදුසු යැයි ද වන්නිල ඇත්තෝ පැවසූහ.

 

ස්වාධීයෙන් තරග කරනවා මිසක් වෙනත් දේශපාලන පක්‍ෂ අපට අවශ්‍ය නැහැ යැයි ද වන්නිල ඇත්තෝ සඳහන් කළහ.

views

211 Views

Comments

arrow-up