විදුලි සැර වැදීමෙන් අඹු සැමි යුවළ එකතැන එකමට අවසන් ගමන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

විදුලි සැර වැදීමෙන් අඹු සැමි යුවළ එකතැන එකමට අවසන් ගමන් යයි

විදුලි සැර වැදීමෙන් අඹු සැමි යුවළ එකතැන එකමට අවසන් ගමන් යයි

යාපනය, අව්වුවේලි, පුත්තුඋෘර් ප්‍රදේශයේ විදුලිසැර වැදීමෙන් අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි අව්වුවේලි පොලිසිය පවසයි.

 

මොවුන් දිය නෑමට මිදුලේ මෝටර්යක් සවිකර සකස් කර තිබුණු ස්ථානයක මෙලෙස විදුලිසැර වැදී මියගොස් සිටි බවත්, මෝටරයෙන් විදුලි කාන්දුවී වැදුලි සැර වැදී ඇතැයි පොලිසිය සැකකරයි.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ මාසිලාමනී ගුණප්‍රගාසම්(59) සහ ගුණප්‍රගාසම් සුගුණා(52) යන අඹු සැමි යුවළ බවද පොලිසිය සඳහන් කරයි.

 

මොවුන්ගේ එකම දියණිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුවියක් බවත්, ඇය පෙරවරු 8.30 අධ්‍යනය කටයුතු සඳහා නිවසින් පිටව ගොස් නැවත පස්වරු 3.30ට පමණ නිවසට පැමිණ ඇති බවත්, නිවසේ මව්පියන් දක්නට නොලැබීම නිසා සොයා බැලීමේදී දියනෑම සඳහා සකස් කර තිබු ස්ථානයේ දෙදෙනාට වැටී සිටිනු දැක ඇති බවද පොලිසිය කියයි.

views

768 Views

Comments

arrow-up