තවත් කොවඩ් ආසාදිත මරණ 20ක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

තවත් කොවඩ් ආසාදිත මරණ 20ක්

තවත් කොවඩ් ආසාදිත මරණ 20ක්

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු පෙරේදා (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය.

 

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,287 දක්වා ඉහළ ගොස් ඇත.

 

මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 18 දෙනකු සහ අවුරුදු 20 ත් 59 ත් අතර 2 දෙනකු ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

 

එමෙන්ම පිරිමි අය 9 දෙනකු සහ කාන්තාවන් 11 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

views

655 Views

Comments

arrow-up