අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරූ විමල් ජනපතිට “ස්තූතියි”‍ කියමින් මුහුණු පොතේ දැමූ සටහන
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරූ විමල් ජනපතිට “ස්තූතියි”‍ කියමින් මුහුණු පොතේ දැමූ සටහන

අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරූ විමල් ජනපතිට “ස්තූතියි”‍ කියමින් මුහුණු පොතේ දැමූ සටහන

මෙපමණ කාලයක් කර්මාන්ත අමාත්‍ය ධුරයෙහි කටයුතු කරමින් කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ක්‍රියා කළ හිටපු අමාත්‍ය විමල් වීරවංශ තමාව අමාත්‍ය ධුරයෙන් ඉවත් කොට ඇති බව දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එවන ලද ලිපිය සම්බන්ධයෙන් සිය නිල මුහුණුපොතෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ,'ස්තුතියි' යනුවෙන්.

 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(2) අ වගන්තිය ප්‍රකාරව තමන්ට හිමිව ඇති බලතල ප්‍රකාරව විමල් වීරවංශව අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන බවයි ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ.

 

ඒ අනුව අද (03) පස්වරුවේ ජනාධිපතිවරයා විසින් හදිසි කැබිනට් සංශෝධනයක් ද සිදු කරනු ලැබුවා. එහිදී කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විමල් වීරවංශ හට සිය අමාත්‍ය ධුරය අහිමි වූ අතර, එම ධුරය හිමි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ එස්.බී.දිසානායකටයි. 

 

 විදුලිබල අමාත්‍ය ධුරය හිටපු ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිටත්, බලශක්ති අමාත්‍ය ධුරය හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළට අහිමි වූ අතර, එය හිමිවූයේ හිටපු විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ හටයි.

 

එතුමා තැබූ සටහන පහතින්..

 

 

 

views

747 Views

Comments

arrow-up