OCT
16
මිතුරා සමඟ දිය නාන්න ගිය වෛද්‍යවරයා දියේ ගිලී මරුට

මහියංගනය පොලිස් වසමේ මාපකඩ වැවේ දියනෑමට ගිය වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මහියංගනය හා කරවනැල්ල රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් දෙදෙනෙකු මාපකඩ වැවේ දියනාමින් සිටියදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, 31 හැවිරිදි වෙලගාන, දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකි.
මෘත ශරීරය මහියංගන රෝහලේ තැන්පත් කර ඇති අතර මහියංගන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
279 Views
Comments