“පෙට්‍රල් ඩීසල් ප්‍රමිතිය වෙනස් කරලා, වාහන වලට අබසරණයි” - විශේෂ හෙළිදරව්ව මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

“පෙට්‍රල් ඩීසල් ප්‍රමිතිය වෙනස් කරලා, වාහන වලට අබසරණයි” - විශේෂ හෙළිදරව්ව මෙන්න

“පෙට්‍රල් ඩීසල් ප්‍රමිතිය වෙනස් කරලා, වාහන වලට අබසරණයි” - විශේෂ හෙළිදරව්ව මෙන්න

ආණ්ඩුවේ මැදිහත්වීම මත ඉන්ධන වල ප්‍රමිතිය වෙනස් කර ඇතැයි ඉන්ධන විදුලි සහ ජල ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.

 

ඔහු පෙන්වා දෙන්නේ මේවන විට පෙට්‍රල් වලට සහ ඩීසල් වලට භූමිතෙල් කලවම් කර ඇති බවට සැලකෙන ඉන්ධන සාම්පල පවා අදාල බලධාරීන් වෙත ලබා දී ඇති බවයි.


කෙසේ වුවත් මෙරට දී සිදු කෙරුණ අදාළ පර්යේෂණ සම්බන්ධයෙන් විශ්වාසයක් ඇතිකර ගත නොහැකි වීම මත අදාල සාම්පල සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන ලෙස තමන් ඉල්ලා සිටි බවත් ආණ්ඩුව සැලසුම් සහගතව එම පර්යේෂණ මගහරිමින් සිටින බවත් ආනන්ද පාලිත මහතා පැවසීය.

 

ඔහු මේ බව සඳහන් කළේ යූටියුබ් නාලිකාවක් සමඟ විශේෂ වැඩසටහනකට එක්වෙමිනි.


 
එම තත්ත්වය තුළ මෙරට රථවාහන රැසක් බරපතල අවදානම් තත්වයකට මුහුණ දී ඇති බවත් ඔහු පෙන්වා දී තිබේ.

 

එමෙන්ම තවදුරටත් මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී සිදුවන බරපතල අක්‍රමිතා රැසක් පිළිබඳවද පාලිත මහතා එහිදී කරුණු අනාවරණය කරයි.

 

 

views

798 Views

Comments

arrow-up