පියුමි හංසමාලි වරද පිලිගනී - අධිකරණයෙන් දඩයක් නියම වේ

නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවන්ට එරෙහිව මෝස්තර නිරූපණ ශිල්පි පියුමි හංසමාලී ඇතුළු 20 දෙනෙකුට රුපියල් 2000 ක දඩ නියම කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා
ප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල්ගේ උපන් දින සාදයට සහභාගී වීමෙන් නිරෝධායන නීතිය උල්ලංඝනය කළ බවටයි ඔවුනට චෝදනා එල්ල වූයේ
ඒ සම්බන්ධයෙන් එවක මේ පිරිස පොලිස් අත්අඩංගුවට ගත් අතර පියුමි ඇතුළු පිරිස කන්දකාඩු පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙතද යවා තිබුණි
මේ සම්බන්ධයෙන් එවක මහත් ආන්දෝලනයට තුළ දුන්නේ පොලිසය භාර ඇමති පියුමි ඇතුළු පිරිසට ඇදුම් ලබා දීමට කටයුතු සම්පාදනය කිරීම නිසාය
මාස කිහිපයක් මේ සම්බන්ධයෙන් නඩුව විභාග වූ අතර පසුව මෙම පිරිස අධිකරණය හමුවේ වරද පිළිගැනීමට කටයුතු කළා.
811 Views
Comments