නීතියේ සඳහන් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

නීතියේ සඳහන් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය

නීතියේ සඳහන් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය

දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති කිහිපයක් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය වෙනුවෙන් වෙන්වී තියෙනවා. තමන්ගේ හෝ අනුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කරන හානියකට නීතිය සමාව දෙනවා. මෙහි දී යම් ප්‍රමාණයක් ඉක්මවා බලය යෙදීම සිදු නොකළ යුතුයි. තවද මනුෂ්‍යයන්ගේ ආරක්ෂාවට මෙන්ම දේපල වල ආරක්ෂාවට අදාළව නීතිය ක්‍රියාත්මක වන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 89 සිට 99 දක්වා වගන්ති වලට අනුකූලවයි.

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කිරීමට අදාළව මනුෂ්‍යයෙකුට යම් යම් දේවල් ආරක්ෂා කර ගැනීමේ අයිතිය තියෙනවා. ඒ මෙසේයි.

පළමුව මනුෂ්‍ය ශරීරයට විරුද්ධව කෙරෙන යම් වරදකදී තමාගේ ශරීරය හෝ වෙනත් තැනැත්තෙකුගේ ශරීරයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ හැකි වෙනවා.

දෙවනුව සොරකම මංකොල්ලකෑම අනර්ථ කිරීම හෝ සාපරාධී අයිති ඇතිවීම හෝ සොරකමට කොල්ලකෑමට අනර්ථ කිරීමට හෝ සාපරාධී අයුතු ඇතුළු වීමට තැත් කිරීම පිළිබඳව යටතට ගැනෙන වරදක් වූ ක්‍රියාවකදී තමාගේ හෝ වෙනත් කෙනෙකුගේ චංචල හෝ නිශ්චල දේපල දේපල ආරක්ෂා කිරීම හමුවේ කටයුතු කළ හැකි වෙනවා.

යම් ක්‍රියාවක් කරන තැනැත්තාගේ තරුණභාවය බුද්ධිය මේරීමේ අඩුකම සිහි විකල බව හෝ අත්දැකම් නිසා නැතහොත් එකී තැනැත්තා කරුණු වරදවා තේරුම් ගැනීම නිසා නොවේනම් ඒ ක්‍රියාව නියතවශයෙන්ම වරදක් වන අවස්ථාවකදී ඒ ක්‍රියාව වරදක් වූ විට ඇති පුද්ගලික ආරක්ෂාවේ අයිතිය එම ක්‍රියාවට විරුද්ධව සෑම තැනැත්තෙකුටම තියෙනවා.

ඉහත කී කාරණා සඳහා යම් යම් සීමාවන් දණ්ඩ නීති සංග්‍රහයේ අනු දෙවන වගන්තියේ දක්වා තියෙනවා.

ඒ තමන්ගේ නිල නාමයෙන් රජයේ සේවකයෙකු විසින් සද්භාවයෙන් කරනු ලැබූ හෝ කිරීමට තැත් කරනු ලැබූ මරණය හෝ බරපතල තුවාල කිරීමක් විය හැකි යැයි සාධාරණ ලෙස සිතිය හැකි ක්‍රියා නියම ලෙස නීත්‍යානුකූල නොවන නමුත් ඊට විරුද්ධව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නැත.

තමාගේ නාමයෙන් රජයේ සේවකයෙකු නියමය ලෙස කරනු ලැබූ හෝ කිරීමට පත් කරනු ලැබූ මරණය හෝ බරපතල තුවාල කිරීමක් විය හැකි යැයි සාධාරණ ලෙස සිතිය හැකි ක්‍රියාවක් නියම ලෙස නීත්‍යානුකූල නොවන නමුත් ඊට විරුද්ධව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නැත.

ආණ්ඩුවේ බලධරයකුගේ රැකවරණය ලබා ගැනීමට කාලය තිබේ නම් එබඳු අවස්ථාවලදී පුද්ගලික ආරක්ෂාවේ බලය නැත.

ආරක්ෂාවේ කාර්යය සඳහා අවශ්‍ය වන ප්‍රමාණයට හැර ඊට වඩා පීඩාවක් සිදු කිරීමට කවර අවස්ථාවකදී වුවද පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නොමැත.

එකී සීමාවන්ට යටත්ව පහර දෙන්නාට ඕනෑකමින්ම මරණය හෝ වෙනත් පීඩාවක් සිදු කිරීම දක්වා ශරීරය පිළිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පවතිනවා.

මෙම නීති සංග්‍රහය යටතේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය දේපල වලට අන්තරාදායක සැකයක් සාධාරණ ලෙස ඇතිවූ විට ඇති වෙනවා. ඒ අනුව මංකොල්ලකෑමට විරුද්ධව දේපළ පිළිබඳ ආරක්ෂාවේ අයිතිය දේපළත් සමඟ වරදකරු පැන යන තෙක් හෝ ආණ්ඩුවේ බලධරයෙකුගේ ආධාරය ලබා ගන්නා තෙක් හෝ දේපල ආපසු සොයාගන්නා තෙක් පවතිනවා.

කොල්ලකෑමට විරුද්ධව දේපළ පිළිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය යම් තැනැත්තෙකුට වරදකරුවකු මරණය සිදුකිරීම හෝ තුවාල සිදු කිරීම අයුතු අවහිර කිරීම තෙක් හෝ කිරීමට තැත් කරන තෙක් හෝ ක්ෂණික මරණය හෝ ක්ෂනික තුශනික තුවාල කිරීම ක්ෂනික පුද්ගලක අයිති අවහිර කිරීම පිළිබඳ බිය පවත්නා තෙක් විහිදී යනවා.

සාපරාධී අයිති ඇතුළු වීමට හෝ අනර්ථ කිරීමට විරුද්ධව දේපළ පිළිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය වරදකරු සාපරාධී අයිති ඇතුළුවීම අනර්ථය කරන තෙක් පවතිනවා.

රාත්‍රියේ දී ගෙවල් බිඳීමට විරුද්ධව දේපළ පිළිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ගෙවල් බිඳීමෙන් හට ගැනුණු අයුතු ලෙස ගෙට ඇතුළු වීමත් පවත්නා තෙක් බල පැවැත්වෙනවා.

මේ අනුව සරලවම කිව්වොත් තමන්ගේ හෝ වෙනත් පුද්ගලයකුගේ ශරීරයට නැත්නම් දේපළකට අනතුරක් සිදු කිරීමේදී එම වරද සිදු කරනු ලබන තැනැත්තාට විරුද්ධව පහරදීම් තුවාල කිරීම් හෝ මරණයට පත් කිරීම නීතිය ඉදිරියේ ඇතැම් අවස්ථාවන්වලදී වරදක් ලෙස නොපිළිගැනෙනවා. ඒ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පිළිබඳ නීතියට අනුකූලවයි.

 

 

 

 

 

 

 

by Dilki Shamani

views

2258 Views

Comments

arrow-up