ඉෂාලිනී නිදන සොහොනට විශේෂ පොලිස් ආරක්ෂාවක් (PHOTOS)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යේදී සිටියදී අභිරහස් ලෙස සියදිවි හානි කරගත් බාලවයස්කාර දැරියගේ දේහය මිහිදන් කළ සුසාන භූමියට මේවන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබෙනවා
මෙලෙස විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත්තේ අධිකරණ නියෝග මත ඇයගේ දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා අද (27) ගොඩගැනීමට නියමිත නිසා බවයි පොලිසිය පවසන්නේ
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (26) නිකුත් කළ නියෝගයකට අනුව මෙලෙස ඇයගේ දැරිය යළි ගොඩ ගැනීමට නියමිතයි
ඇයගේ දේහය මිහිදන් කර ඇත්තේ ඩයගම වත්තේ පොදු සුසාන භූමියේය.
1014 Views
Comments