පිහිඹියා ගසෙන් වැටුණු වියලි කොළ අතු නිසා බේරුවල සිදුවූ ඝාතනය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
20

පිහිඹියා ගසෙන් වැටුණු වියලි කොළ අතු නිසා බේරුවල සිදුවූ ඝාතනය

පිහිඹියා ගසෙන් වැටුණු වියලි කොළ අතු නිසා බේරුවල සිදුවූ ඝාතනය

බේරුවල ප්‍රදේශයේ ආසන්න නිවෙස් දෙකක දෙපිරිසක් අතර සිදුවූ ආරවුලකින් එක් නිවසක පුද්ගලයෙකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබියදී අද(20)අලු‍යම මියගොස් ඇතැයි බේරුවල පොලිසිය පවසයි.

 

නිවෙස් දෙකෙහි පිරිස එක් නිවසක තිබෙන පිහිඹියා ගසකින් වියළී වැටෙන කොල අතු හේතුවෙන් කලක සිට ආරවුල් ඇතිකරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

 

ඩී .සුනිල් ඩයස් නැමැති 59හැවිරිදි වෘත්තියෙන් වෙළෙඳසැලක් පවත්වන දෙදරු පියෙක් මෙලෙස මියගොස් ඇත.


ගැටුම හටගත් අවස්ථාවේ සිදුවූ තල්ලු‍ කිරීමකදී හිස තාප්පයේ වැදී සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මියගිය පුද්ගලයා බේරුවල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන්පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුලත්කර තිබේ.

 

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින අතර සැකකරු බෝට්ටු මුරකරුවකු බවත් පොලිසිය පවසයි.

 

පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කළුතර නාගොඩ රෝහලේ දී සිදු කිරීමට නියමිතයි.

views

2474 Views

Comments

arrow-up