“ගෝටා-මහින්ද කණෙන් අල්ලලා විසි කරන්න ඕනි” - විජිත් විජිතමුණි සොයිසා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එලවා දැමිය යුතුව ඇතැයි හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පවසයි.
ඔවුන් තනතුරුවලින් ඉවත්ව නොයන්නේ නම් කණෙන් අල්ලා එළියට දැමිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
සමගි ජනබලවේගය මහනුවර සිට කොළඹ බලා පැමිණෙන පාගමනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
ඔහු පෙලපාලියට එක් වුණේ “අප්පච්චි මලෝ” යැයි සඳහන් පුවරුවක් තම ප්‍රචාරක රථයේ සවි කර ගනිමිනි.
692 Views
Comments