පැලෝපීය නාලය පුපුරා දෙදරු මව අවාසනාවන්ත ලෙස මියයයි

ගර්භනී තත්වයේ සිටි දෙදරු මවක් පැලෝපීය නාලය පුපුරා යාමෙන් මියගිය අවාසනාවන්ත සිද්ධියක් කරාපිටිය ශික්ෂණ රෝහලේන් වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වන අනුශිකා ගෞඩර් නැමැති කාන්තාවකි.
ගැබ් ගෙන සති දෙකකට පසු හදිසියේ ඇතිවූ ක්ලාන්ත තත්ත්වයක් හා වමනය හේතුවෙන් මහමෝදර මාතෘ රෝහලට ඇතුළත් කර සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට ඇයට මුහුණ දීමට සිදුවී ඇත.
ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ සිදුකෙරුණු අතර එහිදී මරණ පරීක්ෂක වරයාගේ නිගමනය වූයේ පැලෝපීය නාලය පුපුරා යාමෙන් සිදුවූ අධික රුධිර වහනය හේතුවෙන් එම මරණය සිදුවී ඇති බවයි.
43483 Views
Comments