දරුවන්ට නොබියව කොවිඩ් එන්නත ලබා දෙන්න - වෛද්‍ය දීපාල් පෙරේරා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
04

දරුවන්ට නොබියව කොවිඩ් එන්නත ලබා දෙන්න - වෛද්‍ය දීපාල් පෙරේරා

දරුවන්ට නොබියව කොවිඩ් එන්නත ලබා දෙන්න - වෛද්‍ය දීපාල් පෙරේරා

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපදේශක වෛද්‍ය දීපාල් පෙරේරා රට පුරා සිදු කෙරෙන එන්නත් කිරීමේ වැඩසටහනට තම දරුවන්ට එන්නත ලබා දීමට දිරිමත් කරන ලෙස සියලුම දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කළේය.

 

 


වයස අවුරුදු 12 ත් 19 ත් අතර ළමුන් සඳහා වන කොවිඩ් වයිරසයට එරෙහිව පලිහක් ලෙස ෆයිසර් එන්නත ලබා දීම මේ වන විටත් රිඡ්වේ ආර්යා ළමා රෝහලේදී ආරම්භ කර ඇති අතර අද සිට සෑම දිස්ත්‍රික්කයකම මෙම වැඩසටහන ආරම්භ කරන බව ඔහු පැවසීය.

 

 


වෛද්‍යවරුන් සහ සහායක කාර්ය මණ්ඩලය ඇතුළුව සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් ලියාපදිංචි වීමේ ආරම්භයේ සිට අවසානය දක්වාම ඉතා කාරුණික හා කාර්‍යක්‍ෂම බව ඔහු පැවසීය.

views

729 Views

Comments

arrow-up