හොරට කැපු වෙනිවැල් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

පිටිගල, බඹරවාන, පොල්ගහකන්ද රක්ෂිතයෙන් හොරට කැපූ වෙනිවැල්ගැට කිලෝ 400ක් සමඟ තිදෙනෙකු බඹරවාන උස්බිම් ජනපදයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පිටිගල පොලීසිය පවසයි.
ආයුර්වේද නිෂ්පාදන සමාගම්වලට අලෙවි කිරීමට සැකකරුවන් මේ වෙනිවැල්ගැට තොගය සූදානම් කර තිබූ බවද පොලීසිය සඳහන් කරයි.
ලද තොරතුරක් මත සැකකරුවන් ළග තිබී මෙම වැනිවැල්ගැට තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය පිළිබදව පිටිගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
769 Views
Comments