සීනි ආනයන වියදම 829% කින් ඉහළට..!
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
11

සීනි ආනයන වියදම 829% කින් ඉහළට..!

සීනි ආනයන වියදම 829% කින් ඉහළට..!

 

පසුගිය 2022 සැප්තැම්බර් මාසයේ දී මෙරටට සීනි හා රසකැවිලි ආනයනය සඳහා දරා ඇති මුළු වියදම ඇමරිකන් ඩොලර් මිලියන 31.8 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක් සඳහන් කර සිටිනවා.

 

මෙය 2021 වසරේ සැප්තැම්බර් මාසයේ සීනි හා රසකැවිලි ආනයන වියදම වූ ඩොලර් මිලියන 3.4 හා සැසඳීමේ දී 829.7% ක ඉහළ යාමකි.

 

මේ අනුව, වසරේ මුල් මාස 09 තුළ දී සීනි හා රසකැවිලි ආනයනය සඳහා දරා ඇති සමස්ත වියදම ඩොලර් මිලියන 180.6 ක් බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. කෙසේවෙතත් එය 2021 වසරේ මුල් මාස 09 හි සීනි හා රසකැවිලි ආනයන වියදම වූ ඩොලර් මිලියන 214.7 ට වඩා 15.9% ක පහළ යාමකි.

views

185 Views

Comments

arrow-up