අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

අද කාලගුණය

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

 

වයඹ පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

 

ඌව පළාතේත් අම්පාරදිස්ත්‍රික්කයේත්සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ දකුණු පළාත්වලත්ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (50-55) ක පමණ තද සුළං ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශව විටින් විට වැසිඇතිවේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි.   සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. ගාල්ල සිට   පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වාවැඩි විය හැකි අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වාවැඩි විය හැක.

 

ගාල්ල සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු වන අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශඉතා රළු වේ.

 

ගාල්ල   සිට හම්බන්තොට හරහා   පොතුවිල් දක්වාවෙරළටඔබ්බෙන්වනමුහුදුප්‍රදේශවලමුහුදුරළඋස (මීටර්. 2.5 – 3.0ක්පමණ)ඉහළයාමේහැකියාවක්දපවතී.

 

ගාල්ල සිට කොළඹ හරහා මන්නාරම දක්වාවෙරළටඔබ්බෙන්වනමුහුදුප්‍රදේශවලමුහුදුරළඋස (මීටර්. 2.0 – 2.5ක්පමණ)ඉහළයාමේහැකියාවක්ද පවතී.

 

එබැවින්,ඉදිරි පැය 24 ක කාලය තුල, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදන ලෙස දැනුම් දෙනු ලබන අතරගාල්ල සිට කොළඹ හරහා මන්නාරම දක්වා වෙරළට mඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල කටයුතු කරන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

views

225 Views

Comments

arrow-up