යාපනයේ සිට කතරගම දක්වා පාද යාත්‍රාවට නාවික හමුදා සහය

යාපනයේ සිට සෙල්ල කතරගම දේවාලය දක්වා වාර්ෂිකව සිදුකරන පාද යාත්‍රාව මේ වර්ෂයේ ද සිදු කෙරේ.
එයට සහභාගි වන බැතිමතුන් හට කුමන ජාතික වනෝද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන්ඔය දක්වා වූ ගමන් මාර්ගයේ දී අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා නාවික හමුදාව මෙවරත් කටයුතු කරමින් සිටී.
ඒ අනුව කුමන ජාතික වනෝද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන්ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී අවශ්‍ය වෛද්‍ය පහසුකම්, ජීවිත ආරක්ෂක සේවාවන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම නාවික හමුදාව මගින් සිදු කරයි.
මෙම සේවාව පාද යාත්‍රාවට සහභාගි වන බැතිමතුන් හට අගෝස්තු මස 05 වන දා දක්වා අඛණ්ඩව ලබා දීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.
272 Views
Comments