හැංගිලා හිටපු මහින්ද ත්‍රිකුණාමලයෙන් පාර්ලිමේන්තු ආ හැටි හෙළිවේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

හැංගිලා හිටපු මහින්ද ත්‍රිකුණාමලයෙන් පාර්ලිමේන්තු ආ හැටි හෙළිවේ

හැංගිලා හිටපු මහින්ද ත්‍රිකුණාමලයෙන් පාර්ලිමේන්තු ආ හැටි හෙළිවේ

සතියකට අධික කාලයක් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සැඟවී සිටි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගිය 18 වනදා පාර්ලිමේන්තුවට ඒම සඳහ කොළඹට පැමිණියේ පුද්ගලික ගුවන් යානාවක නැගී බව වාර්තා වේ.

 

හිටපු අග්‍රාමාත්‍යවරයා සිය ආරක්ෂකයින් පිරිවරා ගෙන Y12 යානාවක නැගී ත්‍රිකුණාමලයේ සිට රත්මලාන ගුවන් තොටුපළ වෙත මෙලෙස පැමිණ ඇත. ඉන් අනතුරුව ඔහු පාර්ලිමේන්තුව දක්වා ආරක්ෂක රථ පිරිවරා ගෙන මෝටර් රථයක නැගී පැමිණ තිබේ.

 

අරලියගහ මන්දිරය වැටලීමත් සමඟ මහින්ද රාජපක්ෂ සිය පවුලේ උදවිය සමඟ ගුවන් හමුදාවට අයත් බෙල් 412 හෙලිකොප්ටර් යානා දෙකකින් ත්‍රිකුණාමලය වෙත ගොස් තිබුණි.

 

කෙසේ නමුත් මෙම ගමන සදහා නාමල් රාජපක්ෂ,බැසිල් රාජපක්ෂ හා චමල් රාජපක්ෂ යන අය සහභාගී වී නොතිබුණි පාර්ලිමේන්තු ගමනින් පසු නැවත මහින්ද රාජපක්ෂ ආරක්ෂිත ස්ථානයක් කරා ගොස් තිබේ.

views

751 Views

Comments

arrow-up