පෙම්වතිය සහ බිළිඳා ඝාතනය කර පිළිස්සූ පෙම්වතා වසර 6කට පසු සිදුකල පාපොච්චාරණය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

පෙම්වතිය සහ බිළිඳා ඝාතනය කර පිළිස්සූ පෙම්වතා වසර 6කට පසු සිදුකල පාපොච්චාරණය

පෙම්වතිය සහ බිළිඳා ඝාතනය කර පිළිස්සූ පෙම්වතා වසර 6කට පසු සිදුකල පාපොච්චාරණය

මාස හයක් වයසැති බිළිඳා සහ 20 හැවිරිදි තම පෙම්වතිය ඝාතනය කර පුළුස්සා දැමූ පෙම්වතෙකු වසර හයකට පසු ඊයේ(08) අත්අඩංගුවට ගෙන තිබේ.

 

2015 වසරේ අගෝස්තු මස සිට අතුරුදන් වූ මෙම කාන්තාව සහ කුඩා බිළිඳා සම්බන්ධව ඥාතීන් විසින් කිලිනොච්චියේ පිහිටි මානව හිමිකම් කාර්්‍යාලයට පැමිණිලි කිරීමෙන් පසුව වවුනියාව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මඟින් වසර තුනක පමණ කාලයක් පූර්ණ පරීක්ෂණයකින් අනතුරුවයි මොහුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

 

සැකකරු 28 හැවිරිදි වියේ පසුවන අතර ඔහු ඝාතනයෙන් පසු අවස්ථා දෙකක දී විදෙස්ගතව සිට නැවත වවුනියාවට පැමිණ තිබේ.

 

පසුව පොලීසිය අවස්ථා කිහිපයකදී අතුරුදන් කාන්තාව සහ බිළිදා සම්බන්ධව සැකකරුගෙන් තොරතුරු විමසා ඇති නමුත් එම අවස්ථාවන් වලදී ඔහු පොලීසියට ව්‍යාජ තොරතුරු ලබා දී තිබේ.

 

පසුව දුරකථන දත්ත පරීක්ෂා කළ අවස්ථාවේදී හෙළිවූ කරුණු මත මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් පසුව ඔහු සිදුකල අපරාධය පිළිබඳව පාපොච්චාරණය කර තිබේ.

views

22382 Views

Comments

arrow-up