වැලිකඩ කාන්තා සිරමැදිරිවලට ඉහළින් තහනම් පාර්සල් පියාඹයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

වැලිකඩ කාන්තා සිරමැදිරිවලට ඉහළින් තහනම් පාර්සල් පියාඹයි

වැලිකඩ කාන්තා සිරමැදිරිවලට ඉහළින් තහනම් පාර්සල් පියාඹයි

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිරමැදිරි ඇති ප්‍රදේශයේ තාප්පයට ඉහළින් තහනම් බඩු සහිත පාර්සල් හතරක් වැටී ඇති බව වාර්තාවේ.

 

පසුගිය මස 28, 29 හා 30 යන දින වලදී වනාතමුල්ල ප්‍රදේශයේ තාප්පයට ඉහලින් මෙම පාර්සල් විසිකර තිබූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පුනරුත්තාපන හා පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කලේය.

 

කාන්තා අංශයේ රාජකාරී නියුතු නිළධාරිනියන් විසින් විසිකරන ලද මෙම තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 04ක් ඔවුන්ගේ භාරයට ගෙන ඇත.

 

 කුඩා හෙරොයින් පැකට් දෙකක්. අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකළ හැකි කුඩා පැකට් 03 ක් සහ ජංගම දුරකථන බැටරි 05 ක් අත්අඩංගුවට ගත් පාර්සල් තුළ තිබූ බව ඒ මහතා කීය.

 

එම පාර්සල් වැඩිදුර විමර්ශණ කටයුතු සදහා බොරැල්ල පොලිස් ස්ථානයට භාරදී ඇත.

views

875 Views

Comments

arrow-up