බිරිඳ සහ සේවකයා එක්ව ඝාතනය කල කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර ගොඩගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

බිරිඳ සහ සේවකයා එක්ව ඝාතනය කල කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර ගොඩගැනේ

බිරිඳ සහ සේවකයා එක්ව ඝාතනය කල කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර ගොඩගැනේ

පසුගිය වසරේ ඔක්තෝම්බර් 03 වනදා මියගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර අද ගොඩගනු ලැබුවා

 

ඒ එම සිරුර මිහිදන් කල මීගමුව - බෝලවලාන රෝමානු කතෝලික සුසාන භූමියේ මිහිදන් කර තිබියදීයි. 

 

ඒසේ සිරුර ගොඩගැනුනේ මරණය පිළිබඳ සැක සහිත බවට පවුලේ ඥාතීන් කළ පැමිණිල්ලකට අනුව ලබාදුන් අධිකරණ නියෝගය මතයි.

 

මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉදිරියේ ගොඩගත් සිරුර ඥාතීන් විසින් හඳුනාගැනීමෙන් පසුව, වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත එවනු ලැබුවා.

 

ව්‍යාපාරිකයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී සිදුකර තිබූ අතර, මරණය පිළිබඳ සැක සහිත බවට පවුලේ ඥාතීන් මීගමුව පොලීසියට පසුව පැමිණිලි කර තිබුණා.

 

ඒ අනුව, සිදුකළ වැඩිදුර විමර්ශනයකින් පසු සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට ඔහුගේ බිරිඳ සහ ව්‍යාපාරික ස්ථානයේ සේවකයෙකු පසුගිය 24 වනදා අත්අඩංගුවට ගත්තා.

 

ප්‍රශ්න කිරීම් වලදී අදාළ සේවකයා පවසා තිබුණේ කොට්ටයක් යොදා ගෙන හුස්ම සිරකර ව්‍යාපාරිකයා ඝාතනය කළ බවත් එම අවස්ථාවේ ව්‍යාපාරිකයාගේ බිරිඳ සිය සැමියාගේ දෙපා සිරකරගෙන සිටි බවයි.

 

ඔවුන් අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

 

පොලීසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ අතර, එහිදී නියෝග කෙරුණේ සිරුර යළි ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමටයි.

views

25607 Views

Comments

arrow-up