වනජීවි නිලධාරීන් සිටි කැබ් රථයකට වන අලි ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

වනජීවි නිලධාරීන් සිටි කැබ් රථයකට වන අලි ප්‍රහාරයක්

වනජීවි නිලධාරීන් සිටි කැබ් රථයකට වන අලි ප්‍රහාරයක්

ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ වන අලි රංචුවක් ගම් වදින බවට ගිරාඳුරුකෝට්ටේ වනඅලි පාලන ඒකකයට තොරතුරක් ලැබී ඇත. 

 

ඒ පිළිබදව සොයා බැලීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී ඔවුන් පැමිණි කැබ්රථයට වනඅලි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

 

නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා සිය ජීවිත බේරාගෙන තිබෙන අතර ප්‍රහාරයෙන් කැබ් රථයට දැඩි හානි සිදුව තිබේ.

 

නිලධාරීන් පස්දෙනෙක් එම අවස්ථාවේ දී කැබ් රථය තුළ සිට ඇතැයි වාර්තාවේ.

views

901 Views

Comments

arrow-up