ඊයේ ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ

ඊයේ (04) දින මෙරටින් කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් 443ක් හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඉන් 212ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ඉන් 170 දෙනෙකු කොළඹ නාගරික බලප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයින් බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (04) දිනයේ නව ආසාදිතයින් 62 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වී තිබේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වු පොලිස් නිළධාරින් සංඛ්‍යාව ද මේ වන විට 273ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේ හඳුනාගත් සෙසු ආසාදිතයින් කුරුණැගල, ගාල්ල, මාතර, රත්නපුර, නුවරඑළිය, මහනුවර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.
735 Views
Comments