කළින් වෙන් කරන ලද දුම්රිය ප්‍රවේශපත්‍ර සඳහා සහනයක්

කලින් වෙන්කර ගත් ආසන සඳහා වන දුම්රිය ප්‍රවේශ පත්‍ර සඳහා සහන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ ඒ අනුව, ප්‍රවේශ පත්‍රයේ වටිනාකමට අදාළ මුදල හෝ වෙනත් දිනයක් ලබා ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවන බවයි. එම සහන වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන්නේ සිය දෙපාර්තමේන්තුව විසින් කොරෝනා අවදානම හේතුවෙන් අවලංගු කරන ලද දුම්රිය ගමන්වාර සඳහා පමණක් බව ද ඔහු සඳහන් කළේය.
ඒ අනුව ප්‍රවේශ පත්‍රවල වටිනාකමට අදාළ මුදල් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති. මේ අතර, නිරෝධානයන ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල දුම්රිය සේවා සාමාන්‍ය පරිදි සිදුවන බව ද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.
685 Views
Comments