“දොස්තරලා මොනවා කිව්වත් මත්පැන් කියන්නෙ ආහාරයක්” - කේ.ඩී. ලාල්කාන්ත
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

“දොස්තරලා මොනවා කිව්වත් මත්පැන් කියන්නෙ ආහාරයක්” - කේ.ඩී. ලාල්කාන්ත

“දොස්තරලා මොනවා කිව්වත් මත්පැන් කියන්නෙ ආහාරයක්” - කේ.ඩී. ලාල්කාන්ත

වෛද්‍යවරුන් කුමන මතයක් ප්‍රකාශ කළ ද මත්පැන් යනු ආහාරයක් යැයි කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (12) පැවසීය.

 

එම අමාත්‍යාංශ වැය ශීර්ෂය සම්බන්ධයෙන් පැවැති විවාදයට එක් වෙමින් මේ බව කී ඇමැතිවරයා මෙසේ ද කීවේය.

 

සහල්වලින් අතුරු නිෂ්පාදන තව තවත් බිහි වෙනවා නම් හොඳයි. වැඩි වැඩියෙන් බිහි වෙනවා නම්. බිස්කට් කේක් වගේ. මත්පැන් වුණත් නිෂ්පාදනය වෙනවා නම් හොඳයි. මත්පැන් කියන්නේ ආහාරයක්, වෛද්‍යවරු මොනවා කිව්වත්. මම කියන්නේ එක්තරා පිරිසකට ඒකත් ආහාරයක්. මත්පැන් නිෂ්පාදනයට අච්චරක් යනවා මෙච්චරක් හොරෙන් යනවා කියනවා. මම නම් කියන්නේ ඒවා ගන්න තරමට හොඳයි. අපි සමත් විය යුතුයි අවශ්‍යතාව දෙන්න. නමුත් නීති තිබෙනවා. එක් සමාගමක් ඇවිල්ලා මගෙන් ඉඩම් ඉල්ලුවා සෝගම් වගා කරන්න. මම ඇහැව්වා මොකටද කියලා. බියර් හදන්න කිව්වා. මම කිව්වා කරමු කියලා. ඒ වෙලාවෙම ආවා සහල් ප්‍රශ්නය. අපි ඒ වෙලාවේ සෝගම් වගාවට ඉඩම් වෙන් කළා නම් කියනවා බලන්නකො එන්.පී.පී.ය සෝගම්වලටත් ඉඩම් දීලා කියලා. ඉදිරියේ දී කරනවා. වෙනත් පිරිසක් අක්කර දෙසියයක් ඉල්ලුවා දූරියන් වගාවට. පසුගිය කාලයේ නරක විධියට ඉඩම් පරිහරණය කර තිබෙන නිසා අලුතින් ඉඩම් ලබාදීමේ දී සැලකිලිමත් වෙන්න සිදු වෙනවා. ඒ නිසා ආයෝජකයන්ට ඉඩම් දීම සම්බන්ධයෙන් යම් විමර්ශනාත්මක මැදිහත් වීමක් කරන්න.

views

101 Views

Comments

arrow-up