යෝෂිතගේ හෝටලය කතාවට එරෙහිව ‘මිලියන 500ක වන්දියක් ඉල්ලා’ එන්තරවාසියක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

යෝෂිතගේ හෝටලය කතාවට එරෙහිව ‘මිලියන 500ක වන්දියක් ඉල්ලා’ එන්තරවාසියක්

යෝෂිතගේ හෝටලය කතාවට එරෙහිව ‘මිලියන 500ක වන්දියක් ඉල්ලා’ එන්තරවාසියක්

යෝෂිත රාජපක්ෂ විසින් පරිසරවේදී සජීව චාමිකර මහතාගෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබෙනවා.

ඒ 2020.08.19 වන දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සිංහරාජ වනාන්තරය තුළ යොෂිත රාජපක්ෂ මහතාට අයත් හෝටලයක් ඇති බවත්, සිංහරාජය හරහා මාර්ගයක් ඉදි කරනු ලබන්නේ ඊට ළඟාවන මාර්ගයට සම්බන්ධ කිරීමට බවටත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන්.

එම ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව ප්‍රකාශ කරන යෝෂිත රාජපක්ෂ එය පදනම් විරහිත චෝදනාවක් බව ප්‍රකාශ කරමින් සිය නීතිඥයින් මාර්ගයෙන් පරිසරවේදී සජීව චාමිකර වෙත මෙලෙස එන්තරවාසියක් යවා තිබෙනවා.

එහි සඳහන් කරුණු පහතින්.

1. මෙම ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව පිළිගනිමින් තමා‌ගෙන් සමාව ගැනීම
2. මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය හා වෙබ් මාධ්‍යයන්හි මෙම අසත්‍ය පුවත පළ කර ඇත්නම් එය ඉන් ඉවත් කරන ලෙස අදාළ ආයතන හෝ පාර්ශවයන් දැනුම්වත් කිරීම හා අදාළ පුවත ඉවත් කිරීමට කටයුතු කිරීම
3. අදාළ ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මාධ්‍ය නිවේදනයක් මඟින් මාධ්‍ය වෙත දැනුම්වත් කිරීම
4. යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නැවත පදනම් විරහිත චෝදනා සිදු නොකරන බවට ප්‍රකාශ කිරීම
5. දින 07ත් ඇතුළත් කෝටි 50 ක මුදලක් වන්දි වශයෙන් ලබාදීම

 

views

863 Views

Comments

arrow-up